ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටවීමට පැය 48 ක්

නයිජර් හි හමුදා පාලනය පිළි නොගන්නා එරට ප්‍රංශ තානාපති Sylvain Itte හට පැය 48 ක් ඇතුළත රටින් පිටවන ලෙස හමුදාව නියෝග කර තිබෙනවා.

පසුගිය සිකුරාදා නයිජිරියානු විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට සහභාගී වීම ප්‍රංශ තානාපති විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහු ට මෙලෙස පිටව යන ලෙස ලිපි මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රංශයේ විදේශ අමාත්‍යංශය කියා සිටියේ නීත්‍යනුකුල ලෙස තේරී පත් වුනු බලධාරීන්ගේ නියෝග පමණක් තානාපතිවරයාට පිළි ගත හැකි බවයි..