අද දිනය දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,225ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
කෙසේවෙතත් ජනවාරි සිට ජූලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මුල සිට මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දැකිය හැකි බව යි ඔවුන් පවසන්නේ.
එසේම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා ද පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

