හෙට දිනය සඳහා බලපැවැත්වෙන පරිදි, අධික උණුසුම් කාලගුණය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල ස්ථාන කිහිපයක මෙන්ම වවුනියාව, මුලතිව්, මොනරාගල යන දිස්ත්‍රික්ක වල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම සැලකිය යුතු ලෙස අවදානම් මට්ටමක පවතින බවයි.
අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි විජලන හා කම්පන තත්වයන් මඟ හරවා ගැනීම සඳහා දියර වර්ග හොඳින් පානය කරන ලෙසත්, දිගු කාලයක් අව්වට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

