මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අදින් ඇරැඹෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද පළමු කුඹල් පෙරහරෙන් ආරම්භ වනවා.

මෙම කුඹල් පෙරහර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතයි.

පසුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා සිට 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති.

අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු ජනාධිපතිවරයා වෙත පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බවට දියවඩන නිලමේවරයා සංදේශයක් මඟින් දැනුම් දීම සිදු වූ පසු මෙවර පෙරහර මංගල්‍යය අවසාන වනු ලබනවා.