අදින් ඇරඹෙන මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ.
එසේම අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව අටමස්ථානය වන්දනා කීරිම සඳහා ද විශේෂ බස් සේවාවක් මේ මස 30 වනදා සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
එය සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහොදින තුළ ක්රියාත්මක බවයි ලංගම සදහන් කරන්නේ.

