වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 210,652 දෙනෙකු පීඩාවට

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයින් 210,652 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.

රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්‍රික්ක වන බවයි ආපදා කළමනාකරණය ඒකකය සඳහන් කරන්නේ.

එසේම මේ වන විට ගණනය කර ඇති හානි වූ වගා බිම් ප්‍රමාණය අක්කර 45,924 ක් වන අතර ගොවින් 40,527 ක් එයින් පීඩාවට පත් වී තිබෙනවා.