මේ වන විට සීග්‍රයෙන් ව්‍යාපත වී යන Eris සහ Fornax යන කොවිඩ් උප ප්‍රභේද වලට ද එරෙහිව ඵලදායී වන ලෙස මොඩර්නා එන්නත බල ගන්වා ඇති බව එම එන්නත නිෂ්පාදනය කරන Moderna පවසනවා.
එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය මෙම එන්නත සඳහා ලැබුණු වහාම එය ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ.
එසේම Pfizer, Novavx සහ BioNTech යන සමාගම් විසින් මෙම නව කොවිඩ් උප ප්‍රභේද ඉලක්ක කර ගනිමින් සිය එන්නත් යාවත්කාලින කිරීමට පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Eris ලෙස හඳුන්වන EG.5 යන්න සහ Fornax ලෙස හඳුන්වන FL.1.5.1 යන දෙකම Omicron වෛරසයේ උප ප්‍රභේද වන අතර එක්සත් ජනපදයේ කොවිඩ් රෝගීන්ගෙන් 17% ක් ම එම වෛරස ප්‍රභේද ආසාදිතයන් බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

