ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 5 ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලෙහි ප්‍රගතිය විමසා බැලීමට, සහ ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවේ සාමාජිකයන් සමඟ පවතී සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
සංචාරකයන්ට ආකර්ශනීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටි කාලීන, මාධ්‍ය හා දීර්ඝ කාලීන සැලසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා.

