බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම් ලබන දෙසැම්බර් මාසය වන විට දේශීය බිත්තරයක මිල ද රුපියල් 35 ක් දක්වා අඩු කළ හැකි බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බව යි එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ.
එසේස්ම ශීත කළ කුකුළු මස් කිලෝග්රෑම් එකක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව යි අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.

