හවායි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර මවුයි (Maui) දූපතේ පුද්ගලයින් 1,000 ක් පමණ අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
හවායි හී ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් අවධාරණය කර ඇත්තේ මෙය හවායි ඉතිහාසයේ ඇති වුණු විශාලතම ස්වාභවික ව්‍යසනය ලෙස හැඳින්විය හැකි බවයි.
Maui දූපතේ ලැව්ගිනි පසුගිය අඟහරුවාදා ආරම්භ වූ අතර ඩෝරා සුළි කුණාටුව හරහා හමා එන සුළඟ හේතුවෙන් මෙම ගින්න වඩාත් වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
දිවයිනේ බටහිර වෙරළ තීරයේ පිහිටි සංචාරක නගරයක් වන ලහයිනාහි ඇති වූ ගින්නෙන් ගොඩනැගිලි 1,700 ක් පමණ විනාශ වී ඇති අතර එම ප්‍රදේශයේ ගින්නෙන් 80% ක් පමණ මැඩපවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

