ආයුර්වේද පනත සඳහාත් ජනමත විචාරණයක්

ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති සංශෝධනය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුකූල වන අතර ඒවා ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කරනු ලබන්නේ නම් පමණක් සම්මත කරනු ලැබිය හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකට දැනුම් දී ඇත්තේ.