කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීම ගැන මෝදීගෙන් චෝදනාවක්

විශ්වාසභංගය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් සිදු කරන ප්‍රකාශයක් අතරතුර දී ඔහු විසින් දැනට ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

දේශපාලන අරමුණු පදනම් කරගනිමින් 1974 වසරේ දී ඉන්දු-ලංකා සමුද්‍ර ගිවිසුම යටතේ එවකට සිටි ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය විසින් මෙම දූපත ශ්‍රී ලංකාව වෙත පවරා දෙනු ලැබූ බවට ඔහු සඳහන් කරනවා.

එලෙස ඉන්දීය භූමිය කැබලි කිරීමට කොංග්‍රස් පක්ෂය කටයුතු කළ බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් චෝදනා කර තිබෙනවා.