HIV අවදානමක් ඇති පුද්ගලයින් හට HIV ආසාදනය වළක්වා ගැනීම සඳහා “ප්‍රෙප්” නැමති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන දැනුම් දෙනවා.
දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථාන 41 හරහාම මෙම ප්‍රතිකාරය දැන් ලබා ගත හැකි බවයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කරන්නේ.
තමන් එසේ HIV ආසාදනය වීමේ අවදානමක් සහිත පුද්ගලයෙක් නම් ඒ සඳහා වූ වෛද්‍යවරයෙක් මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි බවත් ඒ සඳහා වන පරීක්ෂණ සහ ඖෂධ සියල්ල නොමිලයේ ලබා දෙන බවත් ඇය වැඩිදුරටත් පවසනවා.
මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ HIV නව ආසාදිතයින් 165 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය පිරිමින් වන බවයි වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ.

