ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සත් පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපති ලෙස මහේෂ් ගම්මන්පිල මහතා නම් කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්යක්ෂ ජනරාල්ට බලය පවරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

