රුපියල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා කරනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුඉයල් 313.61 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 326.78 ලෙස ද සටහන් වී තිබෙනවා.

මේ අතර ගල්ෆ් මුදල් ඇතුළු තවත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද අද දිනයේ ශ්‍රී ලංකා රුපියලේ ඉහළ යාමක් නිරීක්ෂණය කළ හැකි වෙනවා.