කෘෂිකර්මය නව්‍යකරණය සඳහා කාර්යසාධක බලකායක්

ඉදිරියේ දී කෘෂිකර්මය නව්‍යකරණය කිරීම සඳහා කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය, වැවිලි හා මහාමාර්ග අමාත්‍යංශය මෙන්ම මහවැලි සංවර්ධන අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් රජයේ හා සහ පෞද්ගලික නියෝජිතයන් ද ඇතුලත් වන ලෙස මෙය සකස් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකාර්මික ගැටළු කාර්යක්ෂමව විසඳීම මෙහි අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.