අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අගෝස්තුවේ දී අවසන්

අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මාසයේ දී අවසන් වන බව එම වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම සමාලෝචන අවසන් වනවිට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මිලියන දෙක සම්පූර්ණ කරනු ඇති බව යි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වනවිට අස්වැසුම පිළිබඳ අභියාචනා 1,024,059ක් සහ විරෝධතා 124,495ක් ලැබී ඇති අතර ඒවා කඩිනමින් සලකා බල ඔවුනට අදාළ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.