පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ජල හිඟය හමුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එලෙස පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇන හිටින බව යි.
ඒ හේතුවෙන් විකල්ප විදුලිය මිල දී ගැනීමක් සිදුකළ යුතු බවත් එසේ නොකරන්නේ නම් මාතර, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බවයි ඔහු පැවසුවේ.

