බැංකු පොලී අනුපාත පහළට

බලපත්‍රලාභී වාණිජ බැංකු වල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මේ සතියේ 16.96% දක්වා එනම් පදනම් අංක 22 කින් අඩු වී තිබෙනවා.

මෙම අගය පසුගිය වසරේ 23.78% තරම් වූ ඉහළ අගයක පැවැති අතර පසුගිය සතියේ මෙය 17.18% ක අගයක් ලෙස සටහන් වී තිබුනා.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉදිරි මස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යාම අපේක්ෂා කළ හැකි බවයි.