ගෙවුණු සති 3 ඇතුළත රුපියල් මිඉයන 295 ක වී තොගයක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.
මේ වන විට දිස්ත්‍රික්ක 10 ක වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී වී මිල දී ගැනීම සඳහා රජයෙන් තවත් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට ද සූදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.
වී අලෙවි කිරීම සඳහා ගොවීන් තුළ උනන්දුවක් තිබුණද වී අලෙවි මණ්ඩලය වෙත ලැබෙන වී ප්‍රමාණයේ යම් අඩුවක් නිරීක්ෂණය කළ හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

