රට ගොඩගන්නවා යැයි පවසමින් රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් එය රටේ ජනතාව ප්‍රෝඩාකාරී ලෙස රවටන ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.
ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේ ද යන්න තමා ප්‍රශ්න කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
එසේම හෙට අනිද්ද දින වල දී ගෑස් මිලත් වැඩි වීමෙන් පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත්, රජයට ජනතාව ගැන කිසිදු හැඟීමක් නොමැති බවත් ඔහු පවසනවා.
ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට නම් ව්‍යවසයකත්වයට මුල් තැන දිය යුතු බවත්, වෙළඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත් අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා යෝජනා කරනවා.

