ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 450 ක ආධාරයක්

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය – Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් 450ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා.

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබෙන බවයි ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා වූ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය සිදු කළ යුතු බවත් සාගල රත්නායක මහතා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.