ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක්

ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් ද හඳුන්වා දීමට නියමිත බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ආයෝජන පිරිවැය, මුදල් අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ නැංවීම, ජල පිරිපහදු කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට මාසිකව රුපියල් බිලියන 2.3ක පමණ පාඩුවක් සිදුවන අතර, යම්හෙයකින් ජල ගාස්තු වැඩිවීමක් නොකළේ නම් වාර්ෂික පාඩුව රුපියල් බිලියන 34ක් පමණ වන බව යි.

එමෙන්ම ජල ගාස්තු ඉහළ දැමීමෙන් පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමට, යටිතල පහසුකම් සදහා ආයෝජනය කිරීමට, සේවා සැපයීම වැඩි දියුණු කිරීමට සහ වර්තමාන හා අනාගත පරම්පරාව සඳහා පානීය ජලය ලබා ගැනීම සහතික කිරීමට අවශ්‍ය සම්පත් සුරක්ෂිත කළ හැකි බව යි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.