ආගමන විගමන දෙපාර්තමේන්තුවන් නිවේදනයක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සිට වව්නියා කාර්යාලයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගත හැකි වෙන්නේ උතුරු හා නැගෙනහිර පළාතේ මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා පමණක් වෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර සාදවා ගැනීම සඳහා එම කාර්යාලයට දෛනිකව විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් කරන්නේ.