රුපියල නැවතත් ශක්තිමත් වෙයි

සති දෙකක පමණ කාලයක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවතුනු ශ්‍රී ලංකා රුපියල අද දිනයේ නවත්ත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරනවා.

අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309.70 ක් ලෙස සටහන් වී තිබුණු අතර එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 13.26 කින් අඩු වී තිබෙනවා.

එසේම අද දින ඩොලරයේ විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 322.68 ක් ලෙස වන අතර එය ඊයේ දිනයට සාපේක්ෂව 12.72 කින් අඩු වී තිබෙනවා.