සෞඛ්‍ය සේවකයින් හට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව අගෝස්තු 03 වන බ්‍රහස්පතින්දා දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රකාශ කරනවා.
එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව යි එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ.
එදිනට සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව රවී කුමුදේශ් මහතා සඳහන් කරනවා.
මේ අතර අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ප්‍රකාශ කර තිබෙනවා.

