යුක්රේනයට ධාන්‍ය අපනයනය කිරීමට අවසර ලබා දීමේ ගනුදෙනුව යලිත් අලුත් කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් – සිසි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊජිප්තු ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ දුප්පත් අප්‍රිකානු රටවල යැපීම සඳහා මෙම ගනුදෙනුව අලුත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
පසුගිය සතියේ රුසියාව විසින් අදාළ ගිවිසුමෙන් ඉවත් වූ අතර එතැන් සිට යුක්රේනයේ කළු මුහුද ආශ්‍රිතව පිහිටා තිබෙන වරායන් වලට රුසියානු බෝම්බ ප්‍රහාර ද එල්ල කෙරිණි.
කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ බටහිර රටවලට පක්ෂපාති නොවූ අප්‍රිකානු රටවල් හයක් සඳහා තමන් විසින් දැනටමත් නොමිලයේ රුසියානු ධාන්‍ය ලබා දීමට කටයුතු කර ඇති බවයි.

