ඉන්දියාව විසින් බාස්මති නොවන සහල් අපනයන කිරීම තහනම් කිරීමත් සමඟ ඇමරිකාවේ සහල් මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට ඇමරිකාව පුරා සහල් මිල දී ගැනීම්, ගබඩා කිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් සහල් වල මිල ගණන් ද දෙගුණයක් පමණ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දේශීය පරිභෝජනය සඳහා සහල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉන්දීය රජය විසින් සහල් අපනයනය සඳහා සීමා පැනවීමක් සිදු කරනු ලැබුවා

