පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට එම නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ එම නිෂ්පාදකයන් අතර පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම දැනට වෙළෙඳපොළේ පවතින තොග ද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

