13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් ඒ සම්බන්ධව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් නොව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
පළාත් සභා නවය අතරින් හතක්ම ඇත්තේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වල බවත් පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහි දී පසඳහන් කර තිබෙනවා.

