ඩොලරය අදත් ඉහළට

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද දිනයේ ද ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 323.69 ක් ලෙස ද, විකුණුම් මිල රුපියල් 337.17 ක් ලෙස ද සටහන් වී තිබුනා.