2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්රී ලංකා රුපියල ජූලි මාසය වන විට ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කරනවා.
එමෙන්ම 2023 වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවට එම වෙබ් අඩවිය අනාවැකියක් පළ කරනවා.
ඊයේ දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල 6%කින් අව ප්රමාණය වී ඇති අතර පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේ දී රුපියල තවදුරටත් අවප්රමාණය විය හැකි බව බ්ලූම්බර්ග් සඳහන් කරනවා.

