අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049 ක් බව ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා.
මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් පසුගිය මැයි මාසයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් ජුනි හා ජූලි මාස වල දී නිරීක්ෂණය කළ හැකි වූ බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.
ජුනි මාසයේ දී ඩෙංගු රෝගීන් 9,916 දෙනෙක් සහ ජූලි මාසයේ දී රෝගීන් 5,729 ද වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

