පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කළ පේරාදෙණිය රෝහලේ තරුණිය මිය යාමට අදාළ එන්නත එම වාට්ටුවේම සිටි රෝගීන් 12දෙනෙකුට ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් හෙළි කර තිබෙනවා.
අනෙක් කිසිදු රෝගියෙකුට එම ඖෂධය භාවිතයෙන් කිසිදු අතුරු ආබාධයක් සිදු නොවීම හේතුවෙන් ඒවා බාල ඖෂධ ලෙස අර්ථකථනය කළ නොහැකි බව හා බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
එසේම මෙම වසර තුළ 167,000ක් අදාළ ඖෂධය භාවිත කර ඇති බවත් එය 2013 වසරේ ලියාපදිංචි කළ ඖෂධයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
තවද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් සඳහන් කර තිබෙනවා.

