13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.
මීළඟ ජනාධිපතිවරණයේ දී දෙමළ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන බව යි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
එසේම මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊට එරෙහිව ඉදිරිපත් කරනු ලබන්නක් බවත්, එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරික්ෂාවට ලක් කරන අවස්ථාවක් වන බවත් මන්ත්‍රීවරයා
සඳහන් කරනවා.

