මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මහා බැංකුව විසින් කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට යි බැංකු වෙත දැනුම් දී ඇත්තේ.

එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.