දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වල පවතින හිඟය හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමේ දී ගැටළු රැසක් මතු වී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි N.J. ඉඳිපොලගේ මහතා පවසනවා.
සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට නම් දුම්රිය එන්ජින් 64 ක් සහ බලවේග කට්ටල 88 ක් අවශ්‍ය වුවත් මේ වන විට පවතින්නේ එන්ජින් 58 ක් සහ බලවේග කට්ටල 75 ක් පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් මහජනතාවට නිරන්තරයෙන් දුම්රිය ප්‍රමාදවීම් වලට මුහුණ පෑමට සිදු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

