GSP+ සහනය ලබා දෙන කාල සීමාව දීර්ඝ කරයි

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ තීරු බදු සහනය ලබන 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04 කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙනවා.

එම තීරුබදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප්‍රමුඛතා තීරු බදු සහන ප්‍රවේශය දැනට සාකච්ඡා පවත්වමින් ඇති නව GSP+ ක්‍රමවේදය හරහා අහිමි නොවන බවයි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ.

එසේම පසුගිය 2022 වසර තුළ දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට යුරෝ බිලියන 3.2ක වටිනා අපනයනයන් සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය වාර්තා කරනවා.