මෙම වසර තුළ මෙරටට සහල් මෙන්ම මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු යන ධාන්‍ය වර්ග ද ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමත් සමඟ සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය සහ මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකි වී තිබෙනවා.

