ඇමරිකාවේ බටහිර සහ දකුණු වෙරළ ප්රදේශ පුරා ඉතා ඉහළ උෂ්ණත්වයක් ගත වූ දින කිහිපයේ දී ම වාර්තා වී ඇති අතර එය මෙම සති අන්තයේ දී තව දුරටත් ඉහළ යනු ඇති බවට එරට කාලගුණික අංශ පුරෝකථනය කර තිබෙනවා.
මේ හේතුවෙන් ලෝකයේ අධිකම උෂ්ණත්වයක් ඇති ස්ථානයක් ලෙස සැලකෙන කැලිෆෝනියාවේ මරණයේ නිම්නය හෙවත් Death Valley හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 130 තරම් වීමට ඉඩ ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඇමරිකාවේ වොෂින්ටන් ප්රාන්තයේ සිට ඇරිසෝනා, කැලිෆෝනියා ඇතුළු නිව් මෙක්සිකෝව දක්වා ද, ටෙක්සාස් සිට ෆ්ලොරිඩා දක්වා ප්රාන්ත 15 ක වෙසෙන මිලියන 100 කට අධික ජනතාවකට මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් පීඩා එල්ල වී තිබෙනවා.

