ඇමරිකාවේ රාජ්‍ය ආයතන 25ක විද්‍යුත් තැපෑල චීන හැකර්වරුන්ගේ ග්‍රහණයට

චීන රජය විසින් යොදවා ඇති හැකර්වරුන් විසින් ඇමරිකාවේ රාජ්‍ය ආයතන ඇතුළු සංවිධාන 25 ක පමණ විද්‍යුත් තැපැල් වලට පිවිසීමෙන් දත්ත සොරා ගෙන ඇති බව Microsoft සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් එලෙස හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු වූ ආයතන වල නම් Microsoft සමාගම විසින් හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එලෙස විද්‍යුත් තැපෑල ට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් Microsoft සමාගම් දැනුම් දීමක් කළ බව ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා.