රුසියානු ඩ්‍රෝන යානා 20 ක් විනාශ කිරීමට යුක්රේනය සමත් වෙයි

රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන 20ක් විනාශ කිරීමට යුක්‍රේනය සමත් වුණු බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

යුක්රේනයේ කියෙව් අගනුවර එල්ල කර ගෙන ඉරානයේ නිෂ්පාදිත මෙම ස්වයංක්‍රීයව පිපිරෙන ෂාහෙඩ් ඩ්‍රෝන යානා රුසියාව විසින් මුදා හැර තිබෙනවා.

මෙම ප්‍රහාර සහ ඩ්‍රෝන යානාවල සුන්බුන් කඩා වැටීම හේතුවෙන් ගොඩනැගිලි සමහරකට හානි සිදු වී ඇති අතර දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එසේම රුසියාවට අයත් “කල්බිර්” කෲස් මිසයිල දෙකක් ද කළු මුහුදේ ඇති යුක්‍රේන නෞකාවක් විනාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.