ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2023 වසරේ මුල් මාස හතරේ දී පමණක් රුපියල් බිලියන 43.4 ක ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවේ සඳහන් වෙනවා.
අදාළ කාල සීමාව තුළ බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.2 ද, ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් ද වැය කර තිබෙනවා.
එසේම එම මුල් මාස 04 ක කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 1599.7 ක පිරිවැයක් දරා ඇති අතර එම ප්‍රමාණය සමස්ත ආනයන වියදමෙන් 30% බවත් එම වාර්තා වල දැක් වෙනවා.

