ප්‍රංශය නිදහස් දිනයට ගිනි කෙළි තහනම් කරයි

එළඹෙන ජූලි 14 වන දාට යෙදෙන ප්‍රංශයේ බැස්ටීල් දිනය හෙවත් නිදහස් දිනය ට සමගාමීව සියලුම ආකාරයේ ගිනිකෙළි විකිණීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ භාවිතය තහනම් කර තිබෙනවා.

ප්‍රංශ රජය විසින් පනවන ලද මෙම තහනම නිදහස් දිනය දී ඇති සති අන්තයට සහ ඊළඟ සතියට ද බල පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

17 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රංශය පුරා පැතිරගිය ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා නැවත මතු වීමේ අවධානම සැලකිල්ලට ගනිමින් එරට රජය මෙම තීරණය ගෙන තිබෙනවා.