මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වෙන පෞද්ගලික බස් රථ සඳහා GPS උපකරණ සවි කොට නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව තීරණය කර තිබෙනවා.
දුර ගමන් සේවා නොවන බස් රථ රැසක් සිය ගමන්වාරය ආරම්භ කොට නගර සීමාව පසුවන තෙක් මන්දගාමිව ධාවනය වන බවට ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ඒ අනුව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මහනුවර මූලස්ථාන පොලිසිය හා එක්ව අදාළ පෞද්ගලික බස් රථ නිරීක්ෂණය කොට තදබදය පාලනය කිරීමට එකඟ වී තිබෙනවා.

