ජුනි මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 500 ට ආසන්න වෙයි

2023 ජූනි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 475.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ වසර ආරම්භයේ සිට ජූනි දක්වා ලැබුණු මුළු විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල එකතුව ඩොලර් මිලියන 2,822.6ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.