පසුගිය ජුනි 02 දා ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයේ සේවකයන් තිදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත අයගෙන් දෙදෙනෙකු සංඥා අංශයේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවන් වන අතර තුන්වැන්නා දුම්රිය කාර්මික ශිල්පියකු ලෙස සේවය කර ඇති බව මධ්‍යම විමර්ශන කාර්යාංශය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවා.
මිනීමැරීමට සමාන නො වන සාපරාධී මනුෂ්‍ය ඝාතන සහ සාක්ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ එම නිලධාරීන් ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

