2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට දින නියම කරමින් අද අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2023 අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 වසර අවසන් වීමට පෙර පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.
එසේම 2023 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2024 පළමු මාස කිහිපයේ දී පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

