සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ධනුෂ්ක සිකුරාදා උසාවියට පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතීඥයා, විනිසුරුවරයා පමණක් නඩු විභාගයක් සඳහා අයදුම්පතක් ගොනු කරන තෙක් නඩු විභාගය ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2020 ලෝක කුසලානය සඳහා සිඩ්නි නුවර සංචාරක යෙදී සිටිය දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

