ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහා බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12% ක් දක්වා අඩු වනවා.
තවද, 2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

